Main Site Gossip

ICC ක්‍රිකට් කමිටුවට ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට චමරි අතපත්තු පත් වෙයි Sinhala Only

This article is only available in Sinhala. You can translate it to English via Google Translate using the button below. However, please note that machine translation may contain errors and changes in meaning.

Translate to English

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ප්‍රබලතම කමිටුවක් වන 'ICC පිරිමි සහ කාන්තා ක්‍රිකට් කමිටුව' (ICC Cricket Committee) සඳහා කාන්තා ක්‍රීඩිකා නියෝජිතවරියක ලෙස චමරි අතපත්තු පත් කර තිබේ. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවක මෙම ගෞරවනීය තනතුරට පත් වූ පළමු අවස්ථාව මෙය ලෙස ඉතිහාසයට එක් වේ. ක්‍රිකට් ක්‍රීඩාවේ නීති රීති සහ ඉදිරි උපාය මාර්ග තීරණය කිරීමේ බලය මෙම කමිටුව සතු වේ.