Main Site Gossip
Breaking National News

අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් පිළිබඳව ඖෂධ කර්මාන්ත මණ්ඩලයෙන් අනතුරු ඇඟවීමක් Sinhala Only

This article is only available in Sinhala. You can translate it to English via Google Translate using the button below. However, please note that machine translation may contain errors and changes in meaning.

Translate to English

ගෝලීය වශයෙන් ඖෂධ නිෂ්පාදන පිරිවැය ඉහළ යාම සහ සැපයුම් දාමයන්හි පවතින බාධාකාරී තත්ත්වයන් හේතුවෙන් මෙරට වෙළඳපොළ තුළ අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක ඖෂධ හිඟයක් ඇතිවීමේ දැඩි අවදානමක් පවතින බව ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI) නිවේදනය කරයි.

​එම මණ්ඩලය පෙන්වා දෙන්නේ පවතින ආර්ථික වටපිටාව හමුවේ ඖෂධ ආනයනය කිරීමේදී සහ බෙදාහැරීමේදී පිරිවැය ඉහළ යාම මත දැඩි අභියෝග රැසකට මුහුණ දීමට සිදුව ඇති බවයි. මෙම තත්ත්වය නිසි ලෙස කළමනාකරණය නොකළහොත් ඉදිරි මාස කිහිපය තුළ සාමාන්‍ය ජනතාවට අවශ්‍ය මූලික ඖෂධ වර්ග පවා හිඟ විය හැකි බවට ඔවුන් රජයට සහ අදාළ බලධාරීන්ට හදිසි දැනුම්දීමක් සිදුකර ඇත.

​මීට අමතරව, ඖෂධ මිල නියම කිරීමේ ක්‍රමවේදය වර්තමාන වෙළඳපොළ අගයන්ට ගැළපෙන පරිදි සංශෝධනය නොවීමද මෙම තත්ත්වයට තවත් ප්‍රධාන හේතුවක් වී ඇති බව SLCPI වැඩිදුරටත් සඳහන් කරයි.