ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමුගැනීමට දැනට කිසිදු අදහසක් නොමැති බව තහවුරු කර තිබේ. 2026 වසරේ එංගලන්තයේදී පැවැත්වීමට නියමිත ICC කාන්තා පන්දුවාර 20-20 ලෝක කුසලානය දක්වා තමන් කණ්ඩායම මෙහෙයවීමට සූදානම් බව ඇය ප්‍රධාන පුහුණුකරු ජේමි සිඩ්න්ස් (Jamie Siddons) සමඟ පවසා ඇත.